මැදපෙරදිගම බියෙන් සලිත වෙද්දි යුද උණුසුම් මැද බහරේනය, ජෝර්දානය සහ කුවේට් යන රටවල අනතුරු ඇඟවීමේ සයිරන් සක්‍රීය කරයි
එක්සත් ජනපදය එක රැයකින් එල්ල කළ නව ප්‍රහාර රැල්ලකට ප්‍රතිචාර ලෙස බහරේන්, ජෝර්දානය සහ කුවේට් හි ඇමරිකානු හමුදා වත්කම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ බව සඳහන්.
ඒ අනුව ඉරානයට එරෙහිව අඛණ්ඩව හත්වන රාත්‍රියේ හමුදා මෙහෙයුම් සිදු කළ බව එක්සත් ජනපදය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම ප්‍රහාර එල්ල කර ඇත.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කර ඇත්තේ, ඉරාන නිරීක්ෂණ ස්ථාන, හමුදා සැපයුම් යටිතල පහසුකම්, භූගත අවි ගබඩා පහසුකම් සහ සමුද්‍රීය හැකියාවන් ලෙස විස්තර කළ ස්ථාන ඉලක්ක කරගත් ප්‍රහාරක ගුවන් යානා, ඩ්‍රෝන යානා සහ යුද නැව් මෙම ප්‍රහාරවලට සම්බන්ධ වූ බවයි.
සුනාමියක් එනවද නැද්ද? දකුණු මෙක්සිකෝව කැළඹූ අති ප්‍රබල භූ කම්පනය නිසා කළ සුනාමි අනතුරු ඇඟවීම ගැන දැනුම්දීමක්
එමෙන්ම ඉරාන මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ප්‍රහාර ලාර්, ජැස්ක්, සිරික්, බුෂෙහර්, බන්ඩාර් අබ්බාස්, කෙෂ්ම් දූපත, අහ්වාස් සහ යාස්ඩ් මධ්‍යම නගරය ඇතුළු ස්ථාන කිහිපයකට බලපෑ බවයි.
තවද හෝර්මුස් සමුද්‍ර සන්ධියට මායිම්ව පිහිටි හෝර්මොස්ගන් පළාතේ අවම ලෙස පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලබා ඇති බව පවසයි. ඒ අනුව විදෙස් මාධ්‍යක් වන අල් ජසීරාට අනුව, ඉරානය මඟින් ඇමරිකානු වත්කම්වලට ප්‍රහාර එල්ල කළ බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බහරේනය, ජෝර්දානය සහ කුවේට් යන රටවල අනතුරු ඇඟවීමේ සයිරන් සක්‍රීය කර තිබෙනවා.
ඊට අමතරව හෝමූස් සමුද්‍ර සන්ධියේ තෙල් ටැංකි දෙකක් බිම්බෝම්බවලට හසුවීමෙන් පසු පුපුරා ගිය බවට ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කළ ප්‍රකාශ එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රතික්ෂේප කළ අතර එම වාර්තා අසත්‍ය බව සඳහන් කර ඇත.