නොනවතින.. බදුල්ලේ අයියා ,මල්ලී ගැටුම ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ හෙළිදරව්ව
බදුල්ල නගරයේ මධ්‍යයේ ඊයේ (20) සවස සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකදී වැඩිමහල් සහෝදරයා බාල සහෝදරයාට පිහියකින් බරපතළ ලෙස පහරදී තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, මීට පෙර බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට පිහියකින් ඇන තුවාල කර තිබූ බවයි.
එහිදී තුවාල ලැබූ සහෝදරයාගේ ජීවිතය බේරුණේ ශල්‍ය වෛද්‍යවරයාගේ දක්ෂතාවය නිසා බවත්, ඔහු මසකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් වෛද්‍ය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මෙම සහෝදරයන් දෙදෙනා දිගු කලක් තිස්සේ එකිනෙකාට පහරදෙමින් තුවාල සිදුකර රෝහල්ගත වන බවද වාර්තා වේ.