බ්‍රිතාන්‍යයෙන් ලෝකෙටම අසුභ ආරංචියක්

By Mithu May 12, 2025 12:27 PM GMT
Report

බ්‍රිතාන්‍ය රජය එරට ආගමන නීති දැඩි කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව සියලුම වීසා අයදුම්කරුවන් සහ ඔවුන්ගේ වැඩිහිටි යැපෙන්නන් සඳහා ඉංග්‍රීසි පරීක්ෂණ දැඩි කිරීමටත් එක්සත් රාජධානියේ පදිංචි වීමට අයදුම් කිරීමට තිබූ කාලය ද දීර්ඝ කිරීමටත් එරට රජය සැලසුම් කර ඇත. මේ අනුව මෙතෙක් ඒ සඳහා වූ වසර 05කට පසු ස්වයංක්‍රීයව පදිංචි තත්ත්වය ලබා ගැනීම සඳහා තිබූ කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර ඇති බව සඳහන් වේ.

අද කොළඹ වෙසක් බලන්න එන බන්ඩලාට මෙන්න විශේෂ තොරතුරු ටිකක්

අද කොළඹ වෙසක් බලන්න එන බන්ඩලාට මෙන්න විශේෂ තොරතුරු ටිකක්

තවද ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම සඳහා තිබූ ඇතැම් කරුණු සංශෝධනය කිරීමට අපේක්ෂා කර ඇති අතර ඒ අනුව උපාධිධාරීන්ට සිය අධ්‍යන කටයුතුවලින් පසු එක්සත් රාජධානියේ රැඳි සිටීමේ හැකියාව මාස 18ක කාලයක් දක්වා අඩු කිරීමටද එරට රජට අවධානය යොමු කර ඇත.

එමෙන්ම සංක්‍රමණ මත රඳා නොසිට ශ්‍රම වෙළෙඳපොළේ තත්ත්වටය මත එරට ශ්‍රම වෙළෙඳපොළ ශක්තිමත් කිරීමටද අපේකෂා කර තිබේ. මේ සම්බන්ධව එරට රජයේ නිල වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ සංක්‍රමණ අඩු කිරීමට සහ දේශසීමා පාලනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම පියවර ගැනීමට අපේක්ෂිත බවය.

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා