ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහය අද 4 වන දිනටත්

Report

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද (19) සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ. ඔක්තෝබර් 16 වනදා පස්වරුවේ භික්ෂූන් වහන්සේලා විහාරමහාදේවි උද්‍යානයට පැමිණීමත් සමඟ මෙම විරෝධතාව ආරම්භ විය.

එදින විරෝධතාකරුවන් එම ස්ථානයේ තාවකාලික ආවරණයක් ඉදිකිරීමට උත්සාහ කිරීමේදී භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබිණි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන තුරු තමන් විහාරමහාදේවි උද්‍යානයෙන් ඉවත් නොවන බව සත්‍යග්‍රහයට එක්ව සිටින භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කරති.

මෙම විරෝධතාව ආරම්භ කළ ඔක්තෝබර් 16 වනදා භික්ෂූන් වහන්සේලා මුලින්ම ජනාධිපති ලේකම් කාර්යාලය අසලට රැස්වූ අතර, අනතුරුව බුද්ධශාසන අමාත්‍යාංශය වෙත ගොස් එහි ලේකම්වරයා සමඟ සාකච්ඡාවක නිරත වූහ.

කෙසේ වෙතත්, එම සාකච්ඡා අසාර්ථක වූ බව පවසමින් භික්ෂූන් වහන්සේලා සඳහන් කළේ සිය ඉල්ලීම් සඳහා විසඳුමක් ලැබෙන තුරු විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

ෆ්ලයිට් එකක නැගලා යනකොට මිසයිලයක් ගැහුවාම ඔක්කොම ඉවරයි.. හිටපු ජනපති මහින්දව මරන්න ගහපු මිලේච්ඡ සැලැස්ම - සියල්ල වමාරයි

ෆ්ලයිට් එකක නැගලා යනකොට මිසයිලයක් ගැහුවාම ඔක්කොම ඉවරයි.. හිටපු ජනපති මහින්දව මරන්න ගහපු මිලේච්ඡ සැලැස්ම - සියල්ල වමාරයි

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්