ඉනිම අවසන් කිරීමට ඔහු හොඳ ක්‍රීඩකයෙකු නෙමෙයි - බාබර්ගෙන ආන්දෝලනාත්මක කතාවෙන් බුකිය කළඹයි

Report

විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි 8 වටය අද (21) ආරම්භ වෙමින් පවතිනවා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්ව පවත්වන මෙම තරගාවලියේ පළමු තරගය පාකිස්තානය සහ නවසීලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 7.00ට පැවැත්වෙනවා.

තරගයට පෙර පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් මාධ්‍ය හමුවකදී කණ්ඩායමේ නායකත්වය සමඟ ඇති වූ ගැටුම් හා තරු පිතිකරු බාබර් අසාම්ගේ පිතිකරණය පිළිබඳව ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා.

අද පාකිස්ථාන-නවසීලන්ත T20 තරගය සම්බන්ද පොලිසියෙන් නිවේදනයක්

අද පාකිස්ථාන-නවසීලන්ත T20 තරගය සම්බන්ද පොලිසියෙන් නිවේදනයක්

2026 විස්සයි20 ලෝක කුසලානයේ නැමීබියාවට එරෙහි තරගය අතරතුර, පාකිස්තාන කණ්ඩායමේ නායක සල්මන් අලි අගා සහ මයික් හෙසන් අතර ඇති වූ උණුසුම් වාදයක වීඩියෝවක් සමාජ මාධ්‍යවල වෛරල් විය. එම වීඩියෝවේ, සල්මන් අගා කෝපයෙන් වතුර බෝතලයක් බිමට විසි කරන දර්ශන තිබුණි.

මේ සම්බන්ධයෙන් මයික් හෙසන් කියා සිටියේ;  වීඩියෝව වරදවා වටහාගෙන ඇත. සල්මන් අගා පිටතට ගිය පසු කලකිරීමෙන් බෝතලය විසි කළේය. අප අතර කිසිදු ගැටුමක් නොමැති බව පවසමින් ඔහු මතභේදයට තිත තැබීය.

ඉන්දු - පාකිස්තාන සටනේ වාර්තාවක්

ඉන්දු - පාකිස්තාන සටනේ වාර්තාවක්

එම තරඟයේදීම, තරු ක්‍රීඩක බාබර් අසාම් ඔහුගේ සුපුරුදු අංක 4 ස්ථානයේ ක්‍රීඩා නොකළේය.

බාබර් අසාම්ගේ Stike Rate' සතුටුදායක නොවන බවත්, ඉනිම අවසන් කිරීමට ඔහු හොඳ ක්‍රීඩකයෙකු නොවන බවත් ඔහු විවෘතව ප්‍රකාශ කළේය. මෙය සමාජ මාධ්‍යවල සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් බවට පත්ව ඇත.