පකිස්ථාන ක්‍රිකට් නායක බාබර් එකවරම තීරණයක් ගනී - පකිස්ථානයම කැළඹී යයි?.
By krishani
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් සියලුම ආකාරයේ තරගවල නායකත්වයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
බාබර් අසාම් 2019 වසරේ දී 20යි 20, එක්දින සහ ටෙස්ට් නායකත්වයට තේරී පත් විය.
මොහු ඉන් ඉවත්වීමට ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ, මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී දැක්වූ අඩු දක්ෂතා හේතුවෙන් ය.
ඒ හේතුවෙන් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට පාකිස්ථානයට සිදු විය.
කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට තේරීම් කමිටුවට සහ කණ්ඩායමේ සියලු පුහුණුකරුවන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබෙනවා.