2023 වසරේ ජනවාරි සිට මුලු ලෝකයටම බයානක තත්ත්වයක්..බාබා වැන්ගා ගෙන් ප්‍රබල අනාවැකි 05ක්..දරු උපත් නවතී..

United States of America China Ukraine Russian Federation Weather
By Aruna Dec 21, 2022 12:33 AM GMT
Aruna

Aruna

Report

එළඹෙන 2023 වර්ෂයේදී මිනිසුන් යොදා ගනිමින් ජෛව අවී පර්යේෂණ සිදුකරනු ඇති බවත්, එමෙන්ම පෘථිවියට ව්‍යවසනකාරි සුර්ය කුණාටු වලට මුහුණ දීමට සිදුවනු ඇති බව මීට වසර 25 කට පෙර මියගිය බාබා වැන්ගා අනාවැකි පළකර තිබෙනවා.

බල්කන්ස් හි නොස්ට්‍රඩමස් යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන බාබා වැන්ගා ප්‍රබල අනාවැකිපළ කරන්නියක් ලෙස ප්‍රසිද්ධයක් උසුලනවා.

එළඹෙන වසරේදී ලෝකවාසී ජනතාවට මුහුණ දීමට සිදුවිය හැකි සුවිශේෂී කරුණු 05ක් ගැන බාබා වැන්ගා මිය යෑමට පෙර අනාවැකි පළකර තිබෙනවා.

ඒ අනුව පෘථිවිවාසි ජනතාවට ව්‍යසනාකාරි සුර්ය කුණාටු, මිනිසුන් අරඹයා සිදුකරන ජෛව අවි පර්යේෂණ, පෘථිවි කක්ෂයේ ගමන් මග වෙනස්වීම, න්‍යෂ්ටික පිපිරීම් සහ සොභාවික දරු උපත්හි අවසානය යන කරුණු වලට මුහුණ පෑමට සිදුවනු ඇති බවයි ඇය අනාවැකි පළකර ඇත්තේ.

බාබා වැන්ගා අනාවැකි පළකර සිටින්නේ ලොව ප්‍රබල රටවල් මිනිසුන් යොදා ගනිමින් ජෛව අවි පර්යේෂණ සිදුකරනු ලබනු ඇති බවත් මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත ජීවිත සංඛ්‍යාවක් අහිමිවී යනු ඇති බවයි.

1986 වර්ෂයේ සිදුවූ චෙනෝබ්ලි න්‍යෂ්ටික බලාගාරයේ ව්‍යවසනය පිලිබඳව නිවැරදිව පුර්ව අනාවැකි පළකල බාබා වැන්ගා විසින් එළඹෙන වසරේදී ද න්‍යෂ්ටික පිපිරීමක් සම්බන්ධයෙන් අනාවැකි පළකර තිබෙනවා.

ඒ රුසියානු ආක්‍රමණය හමුවේ යුක්රේනයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝක ප්‍රජාවේ අවධානය වැඩි වශයෙන් මේ වන විටත් යොමුවී ඇති පසුබිමක් තුලයි.

මේ අතර ලබන වසරේදී පෘථිවි කක්ෂයෙහි වෙනසක් ඇති වනු ඇති බවට බාබා වැන්ගා අනාවැකි පළකර ඇති අතර ඊට හේතුවන කරුණු පිලිබඳව වැඩි විස්තරයක් ලබාදී නොමැත.

සෑම වසරකම පෘථිවිය සුර්යයා වටේ සැතපුම් මිලියන 584ක් ගමන් කරන අතර අනෙකුත් ග්‍රහලෝකවල ගුරුත්වාකර්ෂණ බලපෑම හේතුවෙන් පෘථිවි කක්ෂයෙ ගමන් මගට බලපෑමක් එල්ලවිය හැක.

වසරක් තුළ සිදුවන මෙම වෙනස්කම් හේතුවෙන් පෘථිවි පරිසරයට අහිතකර බලපෑම් එල්ලවිය හැකි අතර, ඒ හේතුවෙන් උෂ්ණත්වය ඉහළ යෑම, මුහුදු මට්ටම ඉහළ යෑම සහ විකිරණ බලපෑම් එල්ලවීමේ අවධානමක් පවතී.

ලබන වසරේ දී සුර්යාගෙන් නිකුත් වන ව්‍යවසනකාරී සුර්ය කුණාටු හේතුවෙන් පෘථිවියට බලපෑම් එල්ල විය හැකි බවට බාබා වැන්ගා අනාවැකි පළකර ඇත.

එමෙන්ම එළඹෙන වසරේදී සොභාවික දරු උපත් සිදුවීම රජයන් විසින් වළක්වනු ඇති බවට බාබා වැන්ගා සිදුකර ඇති තවත් එක් භයානක අනාවැකිය ලෙස හැඳින්විය හැක.

ඒ අනුව ලොව රජයන් විසින් මනුෂ්‍ය ජිවිත පර්යේෂණාගාර තුල බිහිකිරීමට සලස්වනු ඇති බවත් ඒ අනුව සොභාවික දරු උපත් සීමා කරනු ඇති බවයි සඳහන් වන්නේ.

බාබා වැන්ගා විසින් අමෙරිකාවට එල්ලවූ 11/9 ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු සුප්‍රසිද්ධ අනාවැකි රැසක් පළකරනු ලැබූ කෙනෙක් ලෙස සලකනු ලබනවා.

ඇය විසින් 2022 වසරේදී ලොව නගර රැසකට නියඟය හේතුවෙන් ජල හිඟයකට මුහුණ දීමට සිදුවන බවට අනාවැකි පළකරනු ලැබූවා.

එම අනාවැකිය සත්‍ය බවට තහවුරු වුයේ මෙම වර්ෂයේදී නියගයන් හේතුවෙන් එංගලන්තයේ පෘතුග්‍රීසිය, චීනය ඇතුළු රටවල් රැසක් ආශ්‍රිතව පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවීමෙන්ය.

1996 වර්ෂයේදී සිය ජිවිත ගමනට සමුදුන් එවකට 84 හැවිරිදි වියේ පසුවූ බාබා වැන්ගා වසර 5079 දක්වා ලොව සිදුවිය හැකි සිදුවීම් සම්බන්ධයෙන් අනාවැකි පළකර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now