ගුවන් යානයකට බෝම්බ තර්ජනයක් - හදිසියේම යානය හරවා ගුවන්තොටුපළට යවයි

Report

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර සිට ඔස්ට්‍රියාවේ වියානා බලා පියාසර කරමින් තිබූ ඔස්ට්‍රියන් එයාර්ලයින්ස් (Austrian Airlines) ගුවන් යානයකට එල්ල වූ බෝම්බ තර්ජනයක් හේතුවෙන්, එය හදිසියේම බල්ගේරියාවේ සොෆියා අගනුවර වෙත හරවා යවා ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.

මගීන් 51 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 57 දෙනෙකු රැගත් OS82 දරන මෙම එයාර්බස් A320 ගුවන් යානය රුමේනියානු දේශසීමාව ආසන්නයේ පියාසර කරමින් තිබියදී බෝම්බ තර්ජන සංඥාවක් ලැබී ඇති අතර, ඒ සමඟම ගුවන් යානය සොෆියා නුවර වෙත ගොඩබැස්වීමට නියමුවා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

වැඩිදුරටත් එහි සඳහන් වෙන්නේ සිදුවීමේ බරපතළකම සැලකිල්ලට ගනිමින් බල්ගේරියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් (Fighter jet) මඟින් අදාළ ගුවන් යානය සොෆියා ගුවන්තොටුපළ වෙත ළඟා වන තෙක් ආරක්ෂාව සපයා ඇති බවයි.

ගුවන්තොටුපළ වෙත ආරක්ෂිතව ගොඩබැස්වීමෙන් අනතුරුව මගීන් සහ කාර්ය මණ්ඩලය වහාම යානයෙන් ඉවත් කර ඇති අතර, ගුවන් යානය විශේෂ පරික්ෂාවට ලක් කර තිබේ.

රියදුරු බලපත්‍ර ගැන නරක ආරංචියක් - රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම නතර කරයි - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

රියදුරු බලපත්‍ර ගැන නරක ආරංචියක් - රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම නතර කරයි - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්