ලංකාවේ ආයෝජනයට ඕස්ට්‍රේලියානුවන් සූදානම් - කිරි ගොවිපළේ සිට 3D තාක්ෂණය දක්වා ව්‍යාපෘති රැසක්

Report

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සහ විදේශ ආයෝජන වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළට සමගාමීව, ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් සහ ව්‍යවසායකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසක සෘජු ආයෝජන සිදු කිරීමට කැමැත්ත පළ කර තිබේ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය දූත පිරිසක් සහභාගී වූ ආයෝජන සාකච්ඡා වටයක් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ලයිඩ් නෝර්ත්හිදී පවත්වා තිබේ.

AI යුගයට ශ්‍රී ලංකාව සූදානම් කරන්න ජපානය සමඟ අලුත් වැඩක් – ජාතික දත්ත මධ්‍යස්ථානයක් ගැනත් සාකච්ඡා

AI යුගයට ශ්‍රී ලංකාව සූදානම් කරන්න ජපානය සමඟ අලුත් වැඩක් – ජාතික දත්ත මධ්‍යස්ථානයක් ගැනත් සාකච්ඡා

එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති අතර, තිරසාර බලශක්තිය සහ ඇඟලුම් කර්මාන්තයේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලීන් මෙරට ස්ථාපිත කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමුව ඇත. කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට නව ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින් දෙනුන් 2,000ක ධාරිතාවකින් යුත් මහා පරිමාණ වාණිජ කිරි ගොවිපළක් ස්ථාපිත කිරීමේ යෝජනාවක්ද සාකච්ඡාවට ලක්ව තිබේ.

ඊට අමතරව දේශගුණික විපර්යාසවල බලපෑම්වලට ඔරොත්තු දිය හැකි නවීන පශු සම්පත් අභිජනන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද ආයෝජකයින්ගේ අවධානය යොමුව ඇත.

ත්‍රිමාණ මුද්‍රණ කර්මාන්තයටත් ආයෝජන කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් ඒකල කාර්මික ජනපදය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් භාවිතයෙන් මහා පරිමාණ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය සහ උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත් වී තිබේ.

එමෙන්ම ඒකාබද්ධ ජලජීවී වගා ව්‍යාපෘති, මාරවිල ප්‍රදේශයේ පරිසර හිතකාමී සංචාරක හෝටල් ව්‍යාපෘති සහ ආහාර සැකසුම් කර්මාන්ත ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් සඳහාද ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කර ඇත. OSCS Holdings සහ FLEXIMAKE ආයතන සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ.

රජයේ විනිවිදභාවය පිළිබඳ ප්‍රසාදය මේ අතර, වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය තුළ ඇතිවෙමින් පවතින විනිවිදභාවය, විශ්වාසනීයත්වය සහ රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ආයෝජකයින් සිය ප්‍රසාදය පළ කර තිබේ.

යෝජිත ආයෝජන ව්‍යාපෘති කඩිනමින් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට තමන් සූදානම් බවද ආයෝජකයින් මෙහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

දිවයිනටම පොලීසියෙන් දැනුම්දීමක් - හදිසි ඕනෑම අවස්ථාවක වහාම අමතන්න

දිවයිනටම පොලීසියෙන් දැනුම්දීමක් - හදිසි ඕනෑම අවස්ථාවක වහාම අමතන්න