“ChatGPTට ‘සර්’ කියලා කතා කළ 77 හැවිරිදි පුද්ගලයා” - ගුවන් යානයේ යද්දී ව්‍යාපාරික වැඩකට උදව් ඉල්ලූ ඉන්දියානු වැඩිහිටියා කාගෙත් අවධානයට

Report

ගුවන් යානයක ගමන් කරමින් සිටියදී ChatGPT භාවිත කරමින් ව්‍යාපාරික අදහසක් සංවර්ධනය කරමින් සිටි 77 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් යොමුව තිබේ.

හයිද්‍රාබාද්හි පදිංචි VBR Prasad නමැති මෙම පුද්ගලයා ගුවන් ගමන අතරතුර සිරස් ගොවිතැන (Vertical Farming) සම්බන්ධ ව්‍යාපාරයක් සඳහා සැලැස්මක් සකස් කිරීමට ChatGPT සමඟ සංවාද කරමින් සිට ඇත.

ඔහු අසල අසුනේ සිටි මගියෙකුට මෙම සංවාදය දැකගැනීමට ලැබී ඇති අතර, Prasadගේ වයසටත් වඩා ඔහු ChatGPT සමඟ කතා කළ ආකාරය එම මගියාගේ අවධානයට ලක්ව තිබේ. Prasad සිය පණිවිඩවලදී ChatGPT අමතා නැවත නැවතත් ‘සර්’ යනුවෙන් භාවිත කර තිබීම විශේෂත්වයකි.

එක් සංවාදයකදී ඔහු, “Oh wonderful guidance, sir. Thanks a lot, and I will come back to you, sir. Let me download both the files, sir.” යනුවෙන් සඳහන් කර තිබේ. ‘teknosaur’ යන නාමයෙන් X සමාජ මාධ්‍ය ජාලයේ පෙනී සිටින එම මගියා, Prasadගේ ඡායාරූපයක්ද ඔහුගේ ChatGPT සංවාදය පිළිබඳ විස්තරද සමඟ සමාජ මාධ්‍යයට එක්කර ඇත.

එම සටහන ඉතා කෙටි කාලයක් තුළ මිලියන ගණනක පිරිසක් අතරට ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබී තිබේ. ගුවන් ගමන අතරතුර දෙදෙනා අතර කතාබහක්ද සිදුව ඇති අතර, පසුව ඔවුන් මිතුරන් බවට පත්ව ඇති බව සඳහන් වේ.

Prasad ChatGPT සමඟ සාකච්ඡා කරමින් සිට ඇත්තේ සිරස් ගොවිතැන සම්බන්ධ ව්‍යාපෘතියක් පිළිබඳවය. සිරස් ගොවිතැන යනු බොහෝවිට පාලිත ගෘහස්ථ පරිසරයන් තුළ බෝග ස්ථර කිහිපයක වගා කිරීමේ ක්‍රමයකි.

ඔහු එම ව්‍යාපාරික අදහස තවදුරටත් සංවර්ධනය කර ගැනීම සඳහා ChatGPT සමඟ සාකච්ඡා කරමින් සිට ඇති බව සඳහන් වේ.

"වේගය වැඩියි කිව්වට කැප්ටන් ගණන් ගත්තේ නෑ" - මියාමි හි සිදුවූ දරුණු ගුවන් යානා අනතුරේ අලුත්ම හෙළිදරව්ව

"වේගය වැඩියි කිව්වට කැප්ටන් ගණන් ගත්තේ නෑ" - මියාමි හි සිදුවූ දරුණු ගුවන් යානා අනතුරේ අලුත්ම හෙළිදරව්ව

මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟ බොහෝ දෙනා Prasad නව තාක්ෂණය වැලඳගෙන තිබීම පිළිබඳව ප්‍රශංසා කර තිබේ. එමෙන්ම කෘත්‍රිම බුද්ධි මෙවලමක් සමඟ පවා ඔහු ඉතා ගෞරවාන්විතව කටයුතු කිරීම සම්බන්ධයෙන් විනෝදාත්මක ප්‍රතිචාරද පළ වී ඇත.

ඇතැම් පිරිස් විහිළුවට පවසා ඇත්තේ අනාගතයේදී AI ලෝකය පාලනය කළහොත් ඔහුගේ මෙම ගෞරවාන්විත හැසිරීම ඔහුට ප්‍රයෝජනවත් විය හැකි බවයි. පසුව Prasadද X ඔස්සේ ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතාවට ස්තූතිය පළ කර තිබේ.

කෘත්‍රිම බුද්ධිය මිනිසුන්ගේ ජීවිත යහපත් කිරීම සඳහා භාවිත කළ හැකි බවද ඔහු එහිදී සඳහන් කර ඇත. මෙම සිදුවීමත් සමඟ විවිධ පරම්පරාවන් නව කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් සිටින ආකාරය පිළිබඳවද සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබේ.

කොවිඩ් සමයේ නගරය අතහැර කඳුකරයට ගිය දිල්ලි නීතිඥවරිය එහිම නතර වෙයි

කොවිඩ් සමයේ නගරය අතහැර කඳුකරයට ගිය දිල්ලි නීතිඥවරිය එහිම නතර වෙයි