ඔස්ට්‍රේලියාවෙන් ඉතිහාසමය තීරණයක් - පලස්තීන රාජ්‍යය පිළිගනී
By R.rishma
ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී පලස්තීන රාජ්‍යයක් නිල වශයෙන් පිළිගන්නා බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර ඇත.
එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාවට පසුව පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව නිවේදනය කළ සිව්වැනි ප්‍රධාන පෙළේ රට බවට ඔස්ට්‍රේලියාව පත්වේ.
“මැදපෙරදිග ප්‍රචණ්ඩත්වයේ චක්‍රය බිඳ දැමීමට සහ ගාසා තීරයේ ගැටුම, දුක් වේදනා සහ සාගින්න අවසන් කිරීමට ද්වි-රාජ්‍ය විසඳුම මානව වර්ගයාගේ හොඳම බලාපොරොත්තුවයි” යැයි ඔහු සඳුදා (11) පැවසීය.
ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා වැඩිවන ජාත්‍යන්තර පීඩනයකට මුහුණ දී සිටින ඊශ්‍රායලය, පලස්තීන රාජ්‍යය පිළිගැනීම ත්‍රස්තවාදයට ආධාර කිරීමක් බව පවසයි.