මෙන්න සමාජ මාධ්‍ය ජාලා තහනමක් - දෙසැම්බර් සිට ක්‍රියාත්මකයිලු
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පනවා ඇති අතර ඒ අනුව ඔවුන්ගේ ගිණුම් දෙසැම්බර් 4 වැනිදා සිට අක්‍රිය කිරීම ආරම්භ කරන බවට නිවේදනය කර ඇත.
ඒ අනුව Instagram, Facebook, සහ Threads භාවිතා කරන තරුණ යෞවනයන්ට ඔවුන්ගේ ගිණුම් වසා දමන බවට දැනුම් දී ඇත.
මෙම සමාගම් තුනේම හිමිකාරිත්වය දරන Meta සමාගම පවසා ඇත්තේ, ඔවුන් විශ්වාස කරන ආකාරයට වයස අවුරුදු 13 ත් 15 ත් අතර සිටින පරිශීලකයින්ට කෙටි පණිවිඩ, ඊමේල් සහ යෙදුම් තුළ පණිවිඩ මගින් දැනුම් දීම ආරම්භ කර ඇති බවයි.
මෙම තහනම ඕස්ට්‍රේලියාවේ බලාත්මක වන්නේ දෙසැම්බර් 10 වැනිදා සිටයි. මෙමගින් බලපෑමට ලක්වන අනෙකුත් වේදිකා අතර TikTok, YouTube, X , Reddit, Kick, සහ Snapchat ඇතුලත් වේ.
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කළේ, ලෝකයේ පළමු වතාවට සිදුකරන මෙම තහනමේ අරමුණ ළමයින්ට ළමයින් වීමට ඉඩ දීම බවයි. ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල නියාමකයා ඇස්තමේන්තු කර ඇත්තේ, වයස අවුරුදු 13-15 කාණ්ඩයේ Facebook භාවිතා කරන්නන් 150,000 ක් සහ Instagram හි යෞවනයන් 350,000 ක් සිටින බවයි.
ඕස්ට්‍රේලියාවේ e-Safety කොමසාරිස් ජූලී ඉන්මන් ග්‍රාන්ට් පැවසුවේ, මෙම තහනම යොවුන් වියේ පසුවන අයව සමාජ මාධ්‍ය ගිණුම්වලට ලොග් වී සිටින විට ඔවුන්ට නිරාවරණය විය හැකි පීඩනයන් සහ අවදානම්වලින් ආරක්ෂා කිරීම අරමුණු කරන බවයි.