දින 42ක් පුරා විගණකාධිපති ධුරය හිස්

By Mithu May 24, 2025 09:24 AM GMT
Report

ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධූරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතු වී තිබේ. දින කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂ මන්ත්‍රීවරුන් දක්වා ඇති අදහස් අනුව ඊට හේතු වී ඇති කරුණු ගණනාවකි. දින 40කට අධික කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති විගණකාධිපති ධූරයට නිලධාරියෙකු පත් නොකිරීම. ජනාධිපතිවරයා යෝජනා කළ නිලධාරියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම.

ඉන්ධන මිල වැඩි වෙන ලකුණු - මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

ඉන්ධන මිල වැඩි වෙන ලකුණු - මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිටියදී වෙනත් පුද්ගලයෙකුගේ නම යෝජනා කිරීම. විගණකාධිපති ලෙස යෝජනා කර ඇති පුද්ගලයා සම්බන්ධයෙන් ළබැඳියාවන් අතර ගැටුමක් ඇති බවට චෝදනා එල්ල වීම යෝජිත පුද්ගලයාට විගණනය සම්බන්ධයෙන් අඩු පළපුරුද්දක් තිබීම. මේ වන විට විගණකාධිපති ධූරය දින 40කට අධික කාලයක් තිස්සේ පුරප්පාඩු වී පවතී.

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි