රටට රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂයකට වැඩි පාඩුවක් - අලුත්ම වාර්තාවට හොරේ මාට්ටු වෙයි

Report

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රුපියල් 17,000කට මිලදී ගත හැකිව තිබූ වීදි ලාම්පුවක් රැපියල් 56,000කට මිලදී ගැනීමෙන් රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුව ඇති බවට ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ.

ඒ අනුව ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (බීජ) කාර්යාල හා බීජ නිෂ්පාදන ගොවිපළවල්හි 2023 සහ 2024 වර්ෂවලදී සූර්ය වීදි ලාම්පු 474ක් ස්ථාපනය කිරීමේදී මෙම අක්‍රමිකතාව සිදුව ඇති බවයි.

එමෙන්ම මේවා ස්ථාපනය කිරීමට රුපියල් තුන්කෝටි පනස් හතර ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇති බවත් එම වාර්තාවේ දක්වා ඇත.

විශ්‍රාම වැටුප අවලංගු වෙයිද? සති හයකින් වෙනදේ මෙන්න

විශ්‍රාම වැටුප අවලංගු වෙයිද? සති හයකින් වෙනදේ මෙන්න

මේ අතර වීදි ලාම්පුවක් සඳහා පිළිවෙලින් රුපියල් හතළිස් හය දහසක් සහ රුපියල් පනස් දහසක් වශයෙන් පදනම් රහිතව ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබූ නමුත් අදාළ පිරිවිතර සහ සන්නාම සහිත වීදි ලාම්පුවක මිල රුපියල් 17,250ක් බව විගණනයේදී තොරතුරු අනාවරණය වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

එමෙන්ම බීජ නිෂ්පාදන ගොවිපළවල් සඳහා ඩීසල් ගබඩා කිරීමේ ටැංකි හතරක් මිලදී ගැනීමේදී වැඩි මිල ගණන් ගෙවීම නිසා රුපියල් ලක්ෂ හතළිස් දෙකකට වැඩි පාඩුවක් වී තිබෙන බවත් විගණන නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව අඳාළ ටැංකි ගිය වසරේ (2025) පෙබරවාරි මාසය වනවිට වසර දෙකකට අධික කාලයක් තිස්සේ භාවිතයට නොගෙන පැවතුණ බවද සඳහන්.

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

මෙන්න මෙයාලට රජයෙන් ණය පැකේජ - ළගම බැංකුවෙන් ගන්න පුළුවන්

මෙන්න මෙයාලට රජයෙන් ණය පැකේජ - ළගම බැංකුවෙන් ගන්න පුළුවන්