එක් පාසල් දරුවෙක්ට රුපියල් 6000 බැගින් රජය විසින් ලබාදෙන විශේෂ දීමනාවක්..ළමුන් 03ක් ඉන්න පවුල් වලට වාසි ගොඩයි.

Sri Lankan Schools Education AKD
By Aruna Dec 30, 2024 06:36 AM GMT
Aruna

Aruna

Report

පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාව පසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබේ.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද "Household Survey on Impact of Economic Crisis – 2023" දත්ත සමීක්ෂණ අනුව අනාවරණය වී ඇති බවයි.

රුපියල තවත් ශක්තිමත් වී ඩොලරය පහල යයි..නව මිල ගණන් මෙන්න..

රුපියල තවත් ශක්තිමත් වී ඩොලරය පහල යයි..නව මිල ගණන් මෙන්න..


ඒ අනුව, පාසල් යන ළමුන්ගෙන් සියයට 55කගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති වී තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

මෙම ප්‍රතිශතය ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව වඩාත් ඉහළ අගයක් ගන්නා බව නිරීක්ෂණය වන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙසේ බලපෑමට ලක්වූ ළමුන් අතරින් සියයට 53.2ක් පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බවද, සියයට 26.1ක් පෙර භාවිතා කරන ලද පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිතා කිරීමට යොමු වී ඇති බව ද අනාවරණය වී තිබේ.

එලෙස අවදානමට ලක් වූ, පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට රජය අදහස් කර තිබීම විශේෂත්වයක්.

ශවේන්ද්‍ර සිල්වා ලබන ජනවාරි 01 වනදා යුද හමුදා සේවයට සමුදෙයි!!!.

ශවේන්ද්‍ර සිල්වා ලබන ජනවාරි 01 වනදා යුද හමුදා සේවයට සමුදෙයි!!!.


එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රු. 6,000ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබා දීම සඳහා 2025 වර්ෂයේ දී අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන අතර එම දීමනා සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසල් ළමුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇති බවයි පැවසෙන්නේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙමඟින් පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් දරනු ලබන වැය බරට සහනයක් ලබා දීම සහ එමඟින් පාසල් ළමුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකර ගැනීම මඟින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ අපේක්ෂාව බවයි.

You May Like This Video


ReeCha