අස්වැසුම ගැන සුභ ආරංචියක් - නිර්ණායක වෙනස් වෙයි

Report

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට නව උපදෙස් ලබාදී තිබේ.

වර්තමානයේ අස්වැසුම යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිතා වන නිර්ණායක 22 කට ගැටලු රැසක් පවතින බව කාරක සභාව අනාවරණය කළ අතර, ඉදිරියේදී නව හා සංශෝධිත නිර්ණායක යටතේ පමණක් අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම කරුණු පිළිබඳ සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 08 වනදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පාර්ලිමේන්තුවේදී සිදු කරන ලදී. ඒ අවස්ථාවේදී 2025 දෙසැම්බර් 15 දිනැති අංක 2467/03 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනතේ 9 වන වගන්තිය යටතේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය දීර්ඝ කිරීම පිළිබඳවද සලකා බැලුණි.

විමල්ගේ සත්‍යග්‍රහය අවසන් කරයි

විමල්ගේ සත්‍යග්‍රහය අවසන් කරයි

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ සංක්‍රාන්තික, අවධානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු කාණ්ඩ සඳහා ප‍්‍රතිලාභ ලබාදී ඇති අතර, සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවීම් 2025 අප්‍රේල් 30 වන දින අවසන් වී තිබේ.

නව සංශෝධන අනුව ඉදිරියේදී අවධානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු කාණ්ඩ සඳහා පමණක් ප්‍රතිලාභ ගෙවීම් සිදු කිරීමට නියමිත බව නිලධාරීන් පැවසූහ.

එසේම, අනපේක්ෂිත ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි සමාජ ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින්, 2025 දෙසැම්බර් 31 දින අවසන් වීමට නියමිත අවධානමට ලක්වූ කාණ්ඩ සඳහා ගෙවීම් 2026 ජූනි මාසය දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර ඇත.

අබාධිත පුද්ගලයන්, වකුගඩු සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයන් සඳහා වන දීමනාද අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද නිලධාරීන් සඳහන් කළහ.

කාරක සභාවේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳවද අවධානය යොමු කළ අතර, පවුල් ලක්ෂ 20 ක් ක්‍රමානුකූලව සවිබලගැන්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බව නිලධාරීන් දැනුම් දුන්හ.

වාර්ෂික වැටුප් හා පරිපාලන කටයුතු සඳහා වෙන්වන මුදල වසරකට රුපියල් බිලියන 22 කට අධික වන අතර, 2026 වසර සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 27.38 ක් බවද ඔවුන් සඳහන් කළහ.

ආයේ ඇමරිකාවට යන්න තියා පදිංචි වෙන්නත් බැරි වෙයි - වීසා කැන්සල්

ආයේ ඇමරිකාවට යන්න තියා පදිංචි වෙන්නත් බැරි වෙයි - වීසා කැන්සල්

සභාපතිවරයා මෙම අවස්ථාවේදී, සවිබලගැන්වීමේ කටයුතු සඳහා වැයවන අතිවිශාල මුදලේ ඵලදායීභාවය පිළිබඳ ප්‍රශ්න කළේය. එමෙන්ම, වර්තමානයේ ක්‍රියාත්මක ප්‍රජා සවිබලගැන්වීමේ ව්‍යාපෘති පිළිබඳ පසු විපරමක් හෝ ස්වයං ඇගයීමක් සිදු කර තිබේද යන්නද විමසා සිටියේය. නිලධාරීන් මේවා සිදු නොකර ඇති බව පිළිගෙන ඇති අතර, ඒ අනුව, සියලු සුභසාධන සහ සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළු සියලුම ව්‍යාපෘති ස්වාධීන ඇගයීමට මුදල් අමාත්‍යාංශයට කාරක සභාව නිර්දේශ කර ඇත.