අස්වැසුම තියෙනව ද?. නැද්ද?. අස්වැසුමෙන් ජනතාවට කළ දැනුම්දීම මෙන්න..
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා විශේෂ ප්රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ අස්වැසුම ප්රතිලාභය අනුමත කර දෙන බවට පොරොන්දු දෙමින් ජනතාවගෙන් මුදල් ලබා ගන්නා වංචනික ක්රියාවක් ගැනයි.
ඒ යම් සංවිධානාත්මක පිරිසක් රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් එවැනි ක්රියාවක නිරත වන බවයි.
ඒ හේතුවෙන් මෙවැනි වංචනික ක්රියාවන්ට හසුනොවන ලෙස ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.
කෙසේ වෙතත්, ඔවුන් පිළිබඳව සොයා බලා හැකි ඉක්මනින් නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේ ය.
You May Like This Video👇