ඔයාටත් අස්වැසුම තියෙනව ද?. අලුත්ම ආරංචියක් මෙන්න..

Report

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර තිබෙනවා.

ඔයාටත් අස්වැසුම තියෙනව ද?. අලුත්ම ආරංචියක් මෙන්න.. | Aswasuma Sri Lanka

ඒ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ ය.

ඒ අනුව එහි සංගණන කටයුතු සිදු කිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඉන් අනතුරුව තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදු කෙරෙනු ඇත.

මේ වන විට එහි සංගණන කටයුතු ආරම්භ වී ඇති බවත් උතුරු පළාත තුළ එය සාර්ථකව සිදුකළ ද එම කටයුතු සඳහා අනෙකුත් පළාත්වල නිලධාරීන්ගේ යම් මැලිකමක් දක්නට ලැබෙන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශකයෙකු පැවසීය.

මේ වන විට ප්‍රතිලාභීන් ලක්ෂ 18ක් පමණ ප්‍රමාණයක් සඳහා අස්වැසුම පළමු අදියර යටතේ දීමනා ලබාදෙන බව වාර්තා වේ.

බිත්තර වලට ඒ ගමන ආය මොකක්ද වෙන්න යන්නේ?.

බිත්තර වලට ඒ ගමන ආය මොකක්ද වෙන්න යන්නේ?.


කාණ්ඩ 4ක් යටතේ එම ප්‍රතිලාභය ලබාදෙන අතර සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ යන කාණ්ඩ සඳහා මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබාදීම සිදුකරයි. 

"දුප්පත්" කාණ්ඩය සඳහා මාසිකව රුපියල් 8,500ක දීමනාවක් ද "අන්ත දුප්පත්" යන කාණ්ඩය සඳහා මාසිකව රුපියල් 15,000ක දීමනාවක් ද මේ වනවිට ලබා දෙයි.

කෙසේවෙතත් සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ යන කාණ්ඩ 2 සඳහා ලබාදෙන අස්සැසුම ප්‍රතිලභය මෙම වසර් දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව ඇත.

එම කාණ්ඩ 2 යටතේ ලක්ෂ 8ක පමණ ප්‍රතිලාභීන් ප්‍රමාණයක් මේ වනවිටත් දීමනා ලබා ගනිමින් සිටී.

කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ අස්වැසුම දෙවන අදියරේ වැඩකටයුතු අවසන් වූ වහාම පළමු අදියරේ දී අස්වැසුම හිමිවන ප්‍රතිලාභීන්ගේ දත්ත යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවයි.