රටම මඟ බලපු අස්වැසුම අද බැංකු ගිණුමට වැටෙයි - පොතෙන් මුදල් ගන්න පුළුවන් දවස මෙන්න
By Ashfa
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බවයි.
නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ බව සඳහන් කර ඇත.
එමෙන්ම පවුල් 999,053කට රුපියල් නව බිලියන එකසිය අසූ එක් මිලියන හයසිය අනූ හය දහස් දෙසිය පනහක මුදලක් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ප්‍රතිලාභී බැංකු ගිණුම්වලට බැරකිරීමට නියමිතය.
එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335කට රුපියල් බිලියන දෙකයි මිලියන එකසිය විස්සයි දහස් අටසිය පනස් හයයි දෙසිය පනහක මුදලක් ගෙවීමට සැලැසුම් කර තිබේ.
ඒ අනුව මෙම මුදල් ලබන හෙට (17) සිට ප්‍රතිලාභීන්ට ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.