අස්වැසුම අයදුම්කරුවන්ට හා අස්වැසුම මුදල් නොලැබුණු ජනතාවට - සැප්තැම්බර් මස මුල් සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී
අස්වැසුම ප්රතිලාභ සදහා අයදුම්කර එය නොලද සහ අස්වැසුම ගිණුමට මුදල් බැර නොවූ වතුකරයේ විශාල පිරිසක් (31) දින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පවතින අයහපත් කාලගුණයද නොතකා රැදී සිටින අයුරු මාධ්‍ය වාර්තා කර ඇත.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරියෙකු කියා සිටියේ සතියේ සදුදා දින පමණක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අයදුම්කරුවන්ට සහ අස්වැසුම ගිණුම්වලට මුදල් නොලද අයට එම ගිණුම පරික්ෂා කර ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවයි.
එම නිළධාරියා විසින්, නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් ඔවුන්ගේ ගිණුමට බැර නොකර එම කාර්යාලයේ නිළධාරින් විසින් සිදු කල මුදල් වංචාවක් නිසා මෙසේ අස්වැසුම අයදුම්කරුවන් සහ ප්‍රතිලාභීන් තම ගිණුම පරික්ෂා කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ සිටිනවා යයි පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි.
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාම ලේඛණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවා බල ප්‍රදේශවල සහ තම කාර්යාලයේ 2026 සැප්තැම්බර් මස මුල් සතියේ සිට ප්‍රදර්ශනය කිරිමට මේ වන වටි පියවර ගනිමින් සිටින බවද මාධ්‍ය වාර්තා කරයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උසස් නිළදාරියෙකු කියා සිටියේ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචාව රු.දෙකෝටි හැටපන් ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය 2023 වසර සදහා පමණක් සිදු කල විගණනයේදි අනාවරණය වූ බවයි. 2024, 2025 සහ 2026 වසරවලට අදාළ විගණනයන් සිදු කිරිමට නියමිත බවද එම නිළධාරියා පැවසූ බව මාධ්‍ය සඳහන් කරයි.