බැංකුවල ස්ථාවර තැන්පතු ඇති අයටත් මේ පාර අස්වැසුම දීලා. - ඒ ගැන ඇමති හඳුන්නෙත්ති කළ ප්‍රකාශය මෙන්න.

By Wayomi Dec 15, 2024 11:56 AM GMT
Report

බැංකුවල ස්ථාවර තැන්පතු ඇති පිරිස් පවා අස්වැසුම සමාජ සුබසාධන ලබා ගන්නා බව වාර්තා ආරංචි මාර්ග පවසනවා.

විශේෂයෙන්ම දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට අස්වැසුම ආධාර මුදල් ලැබෙන බැංකුවේම ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බවට වාර්තා වී තිබෙනවා.

දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ විසින් දකුණු පළාත් මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මේ කරුණු හෙළි කර ඇත.

බැංකු කළමනාකරුවන් මෙන්ම බැංකු නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් තොරතුරු දන්නා බැවින් ඒ සම්බන්ධව තොරතුරු ලබාගත හැකි බව ඔහු පවසා තිබෙනවා.

ජනපති අනුර පිලිගන්න ඉන්දියාවේ පාරවල් පුරා කරලා තියෙන දේ දැක්කද? - (PHOTOS)

ජනපති අනුර පිලිගන්න ඉන්දියාවේ පාරවල් පුරා කරලා තියෙන දේ දැක්කද? - (PHOTOS)

ප්‍රධාන පුවත්පතක් මේ මේ සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගෙන් විමසා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ, දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී එම කරුණු අනාවරණය වූ හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවයි.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් සියලු දෙනාගේ තොරතුරු පිළිබඳවම සොයාබැලීමට කටයුතු කරන බවත්, මාතර දිස්ත්‍රික්කයේ අස්වැසුමලාභීන් 53,000ක් පමණ සිටින බවත් එම සියලු ප්‍රතිලාභීන්ගේ යාවත්කාලීන වූ තොරතුරු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගන්නා බවත් ඇමතිවරයා පවසා ඇත.   

රජරට රැජින හා සාගරිකා එකිනෙක ගැටී සාගරිකාට බරපතලයි. - හෙට ධාවනය වෙයිද? දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්. - (PHOTOS)

රජරට රැජින හා සාගරිකා එකිනෙක ගැටී සාගරිකාට බරපතලයි. - හෙට ධාවනය වෙයිද? දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්. - (PHOTOS)