ජොතිෂ්‍යවේදීන්ගේත් කටවල් වැහිලා නේද? - හැබැයි ජොතිෂ්‍යවේදීන් ඇතුළු මෙන්න මේ අය කට ඇරියොත් වැඩ වරදින්නේ මෙහෙමයි.

Election Commission of Sri Lanka Astrology Sri Lanka Presidential Election 2024
By Wayomi Sep 03, 2024 07:18 AM GMT
Wayomi

Wayomi

Report

ජංගම දුරකතන කෙටි පණිවිඩ මත විමසීම්, විවිධ උපකාරක පන්ති ගුරුවරුන් පන්තිවල ඡන්ද විමසීම්, ජොතිෂ්‍යවේදීන් ජනාධිපතිවරණය පිළිබඳව විවිධ මත දැක්වීම් මැතිවරණ ක්‍රියාවලියට අයුතු බලපෑම් ගණයේ ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ, අනුව ජනාධිපතිවරණයට බාධා වන ආකාරයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කරන පිරිසට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.

රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.

රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.


එවැනි ක්‍රියාවන් සිදුකිරීම මැතිවරණ ක්‍රියාවලියට අයුතු බලපෑම් ගණයට ගැනීමට සිදුවන බවත්, ජනාධිපතිවරණය පිළිබඳව ජනතාව තුළ බියක් නිර්මාණය කර අයුතු බලපෑම් සිදුකිරීමට උත්සාහ දැරීම බලවත් වරදක් බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම මාධ්‍යයෙන් ඒවා ප්‍රචාරය කිරීම එම පුද්ගලයන්ට සිදුකරන අනවශ්‍ය මාධ්‍ය ප්‍රචාරණයක් බවත් ඒවාට මාධ්‍ය ප්‍රචාරණයක් ලබා නොදීම වඩා වැදගත් බවත් කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.


මේ අතර, උපකාරක පන්ති සහ සමාජ මාධ්‍ය ජාලයන්වල ජනාධිපතිවරණ සමීක්ෂණයන් සිදුකරන ලද පුද්ගලයන් පිළිබඳව සොයා බලන ලෙස පොලිසියට උපදෙස් ලබා දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඊයේ (සැප්. 2) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.

ඒ, අනුව එවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් 66 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව ඔහු අවධාරණය කරනවා.

එමෙන්ම ජනාධිපතිවරණ ප්‍රචාරණ රැස්වීම් පැවැත්වීමේදී ඡන්දදායකයන්ට අල්ලස් ලබා දීම මැතිවරණ පනත අනුව නීති විරෝධී බවත්, රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, ඡන්ද විමසීම පනතේ සඳහන් වෙනත් වැරදි සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බව රත්නායක මහතා පවසනවා.

මෙහිදී එවැනි වැරැදි සිදුකිරීමේ ප්‍රතිඵලය අපේක්ෂකත්වය අවලංගු වීම, තේරී පත්වීමෙන් පසු ඡන්ද විමසීමකින් අපේක්ෂකයාගේ ධූරය අහෝසි වීම, සිරගත වීමට ද හැකි බව ද කොමසාරිස් අවධාරණය කරනවා.

ඒ, අනුව රාජ්‍ය සේවකයන් තමාට පැවැරී ඇති රාජකාරිය පමණක් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත් රාජ්‍ය සේවකයන් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කළහොත් රැකියාව පවා අහිමි වීමට හැකි බව ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩිදුරටත් පවසනවා.

රනිල්-සජිත් එක් වෙයි.? - තීරණාත්මක මෙහෙයුමක් ඇරඹෙයි.

රනිල්-සජිත් එක් වෙයි.? - තීරණාත්මක මෙහෙයුමක් ඇරඹෙයි.