ලංකාවටම කීර්තියක් එක්කරමින් ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට

Report

චීනයේ හොංකොංහි පැවති 22 වැනි ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී, ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගෙන එහි පදක්කම් සටහනෙහි 08 වන ස්ථානය හිමි කර ගෙන අද (02) දින උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

 එහිදී තරුෂි අභිෂේකා මීටර් 1,500 ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    තවද මීට අමතරව රන්සිනි පෙරේරා මීටර් 200 ඉසව්වෙන් වසර 32 කට පසුව රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය

එසේම උස පැනීමේ ඉසව්වෙන් තරුෂ මෙන්ඩිස් රිදී පදක්කමක් සහ නෙත්සර දිනෙත් මීටර් 800 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගන්නා ලදි

මීට අමතරව සදෙව් රාජකරුණා මීටර් 200 ඉසව්වෙන්ද, මිහින්සා අබේරත්න කාන්තා උස පැනීමේ ඉසව්වෙන් ද, තරුෂි අභිෂේකා මීටර් 800 ඉසව්වෙන් සහ මීටර් 400 × 4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

මෙම පිරිස අද (02) දින උදෑසන 06.10ට චීනයේ ග් වැන්ෂෝ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. – 885 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉගෙනුම ලබන පාසැල්වල ගුරු භවතුන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන් විශාල පිරිසක් ද ගුවන් තොටු පොළ වෙත පැමිණ තිබුණි