ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

Report

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් නිකුත් කර ඇත.

 ඒ අනුව සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව තමන් වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇත. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංකය 2489/48) ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇති ජාතික ක්‍රීඩා සංගම් වන්නේ,

ශ්‍රී ලංකා අත්පන්දු සංගමය (Handball)

ශ්‍රී ලංකා කැරම් සංගමය (Carrom)

ශ්‍රී ලංකා හොකී සංගමය (Hockey),

යන සංගම් ත්‍රිත්වයයි.

මෙම ක්‍රීඩා සංගම්වල පාලනය, පරිපාලනය හා වෙනත් යම් අත්‍යවශ්‍ය කටයුතු යථායෝගී අයුරින් ඉටු කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා "නිසි බලධාරියා" ලෙස පත් කර ඇති අතර මෙම පත් කිරීම 2026 මැයි මස 19 වැනි දින සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ .

ඔන්න හැමෝම මඟ LPL 2026 ක්‍රීඩක වෙන්දේසිය ආරම්භයි - අයදුම්පත් 400 පනී

ඔන්න හැමෝම මඟ LPL 2026 ක්‍රීඩක වෙන්දේසිය ආරම්භයි - අයදුම්පත් 400 පනී

මෙම පියවර ගැනීමට බලපෑ ප්‍රධාන හේතුන් ලෙස පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගැනීම, නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ නිලවරණ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සම්පූර්ණ කරගැනීම යන කරුණු දක්වා ඇත.

මෙම ගැසට් නිවේදනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ අත්සනින් යුතුව 2026 මැයි 19 වැනිදා යටතේ නිකුත් කර ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත