ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත්කෙරේ..!

Report

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත්කර ඇති අතර අගෝස්තු මස 30 වනදා සිට සැප්තැම්බර් 17 වනදා දක්වා එම තරග පැවැත්වීමට නියමිතය.

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය දරන්නේ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ය.

තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැප්තැම්බර් 02 වනදා පල්ලෙකැලේ හිදී පැවැත්වීමට නියමිතය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගය සැප්තැම්බර් 17 වනදා පැවැත්වෙන බවද නිවේදනය කර තිබේ.