ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන් තරඟය අද.
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය අද (05) පැවැත්වෙනවා.
තරඟාවලියේ බී කාණ්ඩයේ තරඟයක් ලෙස පාකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆී ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිතයි.
බී කාණ්ඩයේ පෙරමුණේ පසු වන්නේ ශ්‍රී ලංකාව වන අතර, බංගලාදේශයට එරෙහිව පැවති තරඟයෙන් කඩුළු 5කින් ජය ලැබීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා.
මේ අතර ඇෆ්ගනිස්ථානය සහභාගී වූ පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ පරාජය වූයේ ලකුණු 89කිනි.
දෙපිලම මූලික වටයේ සහභාගී වන අවසන් තරඟය මෙය වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර්හිදී ක්‍රීඩා කර ඇති තරඟ 13න් තරඟ 9ක් ජය ගෙන ඇති අතර, ඇෆ්ගනිස්ථානයේ රහ්මනුල්ලා ගුර්බාස් එක් දින ලකුණු දහස සීමාව පසු කිරීමට තවත් ලකුණු 46ක් පසුපසින් සිටි.
මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද (05) සවස 3.00 ට ආරම්භ වීමට නියමිතයි.