අන්තර්ජාලය පීරලා කථානායකගේ ආචාර්ය උපාධිය හොයලා.. හම්බෙලා ද?.. අන්තර්ජාලයේ තිබුණේ මෙහෙම..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අද (11) අන්තර්ජාලයෙන් පරීක්ෂාවක් සිදුකළේ ය.
ඒ කථානායක අශෝක රන්වල මහතාට ඔහු සඳහන් කළ ආකාරයේ ආචාර්ය උපාධියක් ලැබී ඇත්දැයි යන්නයි.
කථානායක අශෝක රන්වල මහතා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ලබාගත් බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සඳහා මහාචාර්ය ආශු මාරසිංහ මහතා මාධ්‍ය ඉදිරියේ අද (11) එම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට පිවිසුණේ ය.
එහිදී ඔහු කථානායකවරයාගේ නම සඳහන් කරමින් වසේඩා විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ සෙවීමක් සිදුකළ ද කිසිදු තොරතුරක් එම දත්ත පද්ධතියේ සොයාගැනීමට හැකියාවක් නොලැබිණ.
එබැවින්, තමන්ගේ ආචාර්ය උපාධියේ සත්‍යතාවය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළ යුත්තේ කථානායක අශෝක රන්වල මහතාම බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

හැමෝටම ප්‍රශ්නයක් වුණ, කථානායකගේ ආචාර්ය උපාධිය.. අශෝක කාර්මික නිළධාරියෙක්.. වැඩ වරදී ද?. හිර දඬුවම අවු.7යි?..(VIDEO)
You May Like This Video👇
.