අරුණ දර්ශන අද ඔලිම්පික් පිටියේ...
By Parami Dissanayake
අද (04) දිනයේ දී අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ඒ මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ය.
එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10.35ට පමණ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ලෝක ශ්‍රේණිගත කිරීම අනුව අරුණ දර්ශන 51 වන ස්ථානයේ පසුවන ඔහු අද මූලික තරග වටයේ 05වන අදියරෙන් තරග වැදීමට නියමිත ය.