කුවෙට්හි දී අත්අඩංගුවට ගත් කලාකරුවන් නිදහස් කෙරේ...

By Parami Dissanayake Aug 04, 2024 04:48 PM GMT
Report

පසුගිය 02 වනදා කුවෙට්හි දී අත්අඩංගුවට ගත් ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 දෙනෙකුගෙන් සමන්විත ගායක ගායිකාවන්ගෙන් ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

පොල් වගාකරුවන්ට කොකනට් ඇප් එකක්...

පොල් වගාකරුවන්ට කොකනට් ඇප් එකක්...

එම පිරිස ඊයේ රාත්‍රී කාලයේ එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත නිදහස් කර ගැනීමට හැකි වූ බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

''එතෙර අපි'' නැමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේදී ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙන් ඔවුන් පසුගිය 2 වැනිදා කුවෙට් පොලීසිය මගින් අත්අඩංගුව ගෙන තිබුණි.