රොෂාන්ට අපළ කාලයක් ( video )
රටක් ආදරය කරනු ලබන රොෂාන් ප්‍රනාන්දු හට මේ වන විට කලාකරුවන් අප්‍රසාදය පල කොට තිබෙන බවක් වාර්තා වී තිබෙනවා.
රොෂාන් ප්‍රනාන්දු ෆ්ලෑෂ් බෑග් සංගීත කන්ඩායමේ නායකයා වන අතර ඔහු හට මෙලෙස අප්‍රසාදය එල්ල වීමට හේතු වී තිබෙන්නේ ගායන ශිල්පිනි ජින්ජර් සහ රෝනි මේ වනවිට සමාජ මාධ්‍යයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධවයි.
ඔවුන් කියා සිටින්නේ ප්‍රසංග සංවිධායකයන් විසින් ප්‍රසංගයට ගෙන්වන කලාකරුවන් තීරණයය කල ද රොෂාන් ප්‍රනාන්දු විසින් එයට මැදිහත් වී ඔහුට උවමනා කරන කලාකරුවන් පමණක් ගෙන්වීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් ශිල්පිනි ජින්ජර් සහ රෝනි කියා සිටින්නේ රොෂාන් ප්‍රනාන්දු සංවිධානය කරන ප්‍රසංහ වලට එලෙස තමන් කැමති ගායක ගායිකාවන් ගෙන්වා ගන්නා හැටියටත් වෙනත් සංවිධායකයන් කරන ප්‍රසංග වලට ඇගිලි නොගසන ලෙසත්ය.
මෙහිදී රෝනි කියා සිටියේ රොෂාන් ප්‍රනාන්දු ගේ සංගීත කණ්ඩායම සංගීතය සපයන ප්‍රසංග සඳහා තමන් මින් ඉදිරියට සහභාගී නොවන බවයි.
