"කෘතිම සූර්යයෙක් සහ 5079 ලෝක විනාශය" - අන්තර්ජාලයම කැළඹූ බාබා වංගාගේ මාරක අනාවැකි මෙන්න

Report

'කෘතිම සූර්යයා' නිර්මාණය ඇතුළු අනාගත සිදුවීම් පිළිබඳව බල්ගේරියානු අනාගතවක්තෘවරියක් ලෙස ප්‍රසිද්ධ බාබා වංගා සම්බන්ධ අනාවැකි මාලාවක් මේ දිනවල අන්තර්ජාලය තුළ වේගයෙන් පැතිරෙමින් පවතී.

ලෝකයේ ප්‍රසිද්ධම අනාගතවක්තෘවරුන්ගෙන් එක් අයෙකු ලෙස සැලකෙන බාබා වංගා, ඇයගේ අද්භූත අනාවැකි හේතුවෙන් දශක ගණනාවක් පුරා ජනප්‍රියත්වයට පත්ව ඇත. බල්ගේරියාවේ උපන් ඇය වයස අවුරුදු 12දී පෙනීම අහිමි වූ පසු අනාගතය දකින්න හැකියාවක් ලැබුණා යැයි විශ්වාස කෙරේ.

සමාජ මාධ්‍යවල පැතිර යන වාර්තා අනුව, ඇය 2026 සිට ඉදිරියට ලෝකයේ විවිධ තාක්ෂණික, දේශගුණික සහ සමාජීය වෙනස්කම් සිදුවනු ඇතැයි පුරෝකථනය කර ඇතැයි සඳහන් වේ.

මැදපෙරදිග යුද්ධයේ දරුණුතම බැටය ලංකාවට, ඇෆ්ගනිස්තානයට සහ සෝමාලියාවට - ලෝක ආහාර වැඩසටහනෙන් භයානක අනාවරණයක්

මැදපෙරදිග යුද්ධයේ දරුණුතම බැටය ලංකාවට, ඇෆ්ගනිස්තානයට සහ සෝමාලියාවට - ලෝක ආහාර වැඩසටහනෙන් භයානක අනාවරණයක්

එම අනාවැකි අතර 2028දී නව ශක්ති ප්‍රභවයක් සොයාගැනීම හා මිනිසුන් සිකුරු ග්‍රහයා වෙත ගමන් කිරීම, 2033දී දේශගුණික විපර්යාස තීව්‍ර වීම සහ ධ්‍රැවීය අයිස් දියවීම, 2046දී වෛද්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස්කම්, 2066දී නව ආයුධ තාක්ෂණයන් වර්ධනය වීම වැනි කරුණු ද ඇතුළත් බව කියැවේ.

තවද, 2100–5079 කාලසීමාව තුළ 'කෘතිම සූර්යය', පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධතා, අඟහරු මත ගැටුම් සහ අවසානයේ 5079දී ලෝකයේ අවසානයක් සිදුවන බවටද මෙම වාර්තාවල සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම අනාවැකි බොහොමයක් සඳහා නිල හෝ විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැති අතර, ඒවා සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය තුළ විවිධ ආකාරයෙන් සංසරණය වන වාර්තා පමණක් බවද විශේෂඥයෝ පෙන්වා දෙති. 

ඩොලරය ආයෙත් වැඩි වුණේ ආර්ථික ප්‍රශ්නයක් නිසාද? ඇත්තම හේතුව ඇමති හෙළිකරයි

ඩොලරය ආයෙත් වැඩි වුණේ ආර්ථික ප්‍රශ්නයක් නිසාද? ඇත්තම හේතුව ඇමති හෙළිකරයි