පැතුම්ව ගන්නවට මම විරුද්ධ වුණේ නෑ! - මිකී ආතර් කියයි
පැතුම් නිශ්ශංක ක්‍රීඩකයා 2021 වසරේ කැරිබියානු තරග සංචාරයට ඇතුළත් කිරීමට එවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අකමැති වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශය මිකී ආතර් විසින් ප්‍රතික්ෂේප කර ඇත .
, "පැතුම්ගේ සාර්ථකත්වයට මට කිසිදු ගෞරවයක් අවශ්‍ය නැහැ. එය සම්පූර්ණයෙන්ම ඔහුගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අයත් එකක්. ඔහුගේ දක්ෂතාව නොසලකා හැරිය නොහැකි නිසා මම ඔහුට අවස්ථාවක් ලබා දුන්නා."
යනුවෙන් ඒෂියා ස්පෝර්ට්ස් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී මිකී ආතර් මේ සම්බන්ධව අදහස් දක්වා තිබේ.
ඒ වගේම ඔහු ඔහු පෙන්වා දෙන්නේ පැතුම් නිශ්ශංක දේශීය තරගවල දැක්වූ දක්ෂතා, ඔහුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තෝරා ගැනීම නොවැළැක්විය හැකි මට්ටමක තිබු බවයි.
තවද පැතුම් නිශ්ශංක 2021 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්හි පැවති සිය මංගල තරගයේදී ටෙස්ට් ශතකයක් සමගින් තම දක්ෂතා ලොවටම පෙන්වන්නට සමත් වුණ ක්‍ර්‍රීඩකයෙකි.
ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරග ආකෘති තුනේදිම ඉහළම දස්කම් දක්වන්නට ඔහු සමත් වුණා.
තවද ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ද්විත්ව ශතකයක් ලබා ගත් පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් විය.
ඒ වගේම ඔහුව පසුගිය දා නිමා වූ 2026 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලකට සිය කණ්ඩායම වෙත මිල ගන්නා ලදි.
මේ වන විටත් අයි.සී.සී T20I පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිශ්ශංක තුන්වැනි ස්ථානයේ ද රැඳී සිටියි