සුභ ආරංචියක් - වසර 53කට පසු ආයෙත් හදට චාරිකාවක් - ගමන සාර්ථක බව පණිවිඩයක්
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලොව බලාසිටි Artemis II යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබෙන බවයි. සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය මෙලෙස ගමන් ආරම්භ කර තිබෙන්නේ වසර 53කට පසුවයි.
අද (02) ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 4.00ට පමණ මෙම යානය සිය මෙහෙයුම් කටයුතු ෆ්ලෝරිඩාවේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ කර ඇත.
සුළු මොහොතකට පෙර ට්‍රම්ප් ලොවම බියෙන් සලිත කරයි - ලෝක යුද්ධයක් අත ළගද? ඉරානය ගල් යුගයටම යවන බව ට්‍රම්ප් සපථ කිරීමක්
වැඩිදුරටත් වාර්තා වෙන ආකාරයට දින 10ක ගවේෂණ චාරිකාවක් වන මෙහිදී සඳ මත ගොඩබැසීමක් හෝ කක්ෂගත වීමක් නොවේ.
මිනිසා සඳ මත පා තැබීමෙන් අනතුරුව සඳ ආසන්නයට මිනිසුන් ගමන් කරන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වේ.