මුළු රටම බියවද්දමින් ප්‍රහාරයක් සැලසුම් කළ දෙදෙනෙක් අද අල්ලයි..මේ ගැන විමසිල්ලෙන් ඉන්න.

Report

ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (23) ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇති බවයි.

ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..

ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..


එමෙන්ම ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇගවීමේ නිවේදනය පදනම් කර ගනිමින් තවත් රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාව සදහා වූ සංචාරක උපදෙස් ඊයේ දිනයේ යාවත්කාලීන කර තිබේ.

මේ අතර පවත්නා තර්ජන හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ.

අද පාසල් නිවාඩුවක් ගැන ආරංචියක්..හැබැයි වැඩේ වෙන්නෙ මෙහෙමයිලු..

අද පාසල් නිවාඩුවක් ගැන ආරංචියක්..හැබැයි වැඩේ වෙන්නෙ මෙහෙමයිලු..


ඒ අනුව ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය දන්වා ඇත්තේ, කිසියම් ප්‍රහාරයක තර්ජන හේතු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්ක ප්‍රදේශයෙන් සහ දිවයිනේ දකුණේ සහ බටහිරින් පිහිටි අනෙකුත් වෙරළ තීරයන්ගෙන් වහාම ඉවත් වන ලෙස‍යි.