මේවා මේ කපේට හැදෙන පාලම් නෙවේ කියලා සේවකයින් දෙදෙනෙකු එකතු වෙලා කරපු දෙයක්..
රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් ට්‍රක් රථයක සේවකයින් දෙදෙනෙකු පානදුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ් එම සංස්ථාවට අයත් යකඩ තොගයක් නීති විරෝධී ලෙස අලෙවිකිරීමේ චෝදනාව මතය.
වැලිපැන්න ප්‍රදේශයේ පාලමක් ඉදිකිරීමට රැගෙනවිත් තිබූ රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් යකඩ තොගයක් එම පාලමෙහි ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් යළි කොළඹ මූලස්ථානයට රැගෙන එන අතරතුර එහි සේවකයින් දෙදෙනෙකු එම යකඩ නීති විරෝධි ලෙස අලෙවිකර ඇත.
මේ සම්බන්ධයෙන් පානදුර උතුර පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී යකඩ අලෙවිකරමින් සිටි රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් ට්‍රක් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
ගොරකපොළ ප්‍රදේශයේ පැරණි යකඩ මිලදී ගන්නා මධ්‍යස්ථානයකට එම යකඩ අලෙවිකර තිබූ අතර එහිදී යකඩ කිලෝ 1,083ක් සමඟ සේවකයින් දෙදෙනා සහ යකඩ මිලට ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.
You may like this video