බීමතින් රිය පදවා අත්අඩංගුවට ගැනුණු ප්‍රසිද්ධ ගායන ශිල්පියකුගේ පුතෙක් බේරා ගන්න මිතුරා පොලිසියේ යකා නටයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Magistrate Court
By Piyumika Jul 31, 2024 02:22 AM GMT
Piyumika

Piyumika

Report

බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ බයිලා ගායනශිල්පියෙකුගේ පුතෙක් බේරා ගැනීමට පොලිසියේ ලී බැරියර් කඩා දමමින් බීමතින් පිස්සු නැටූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පැවසීය .

පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ මෙහෙයවීමෙන් පෙරේදා සිදු කළ මෙහෙයුමකදී සාදයකට සහභාගිවී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ප්‍රසිද්ධ බයිලා ගායන ශිල්පියාගේ පුතු අත්අඩංගුවට පත්ව ඇත.

අද සිට රට පුරා කාලගුණයේ සිදුවන වෙනස මෙන්න..

අද සිට රට පුරා කාලගුණයේ සිදුවන වෙනස මෙන්න..

ඔහු සමග පැමිණි පුද්ගලයෙකු, සිර මැදිරියේ රදවා සිටී බීමත් රියදුරු මිතුරා බේරා ගැනීමට ඒ අසල තිබූ ලී බාධකයක් ද කඩදමා උත්සහ කර ඇති බවයි පොලිසිය වාර්තා කර ඇත්තේ.

එහිදී පොලිස් නිළධාරීන් සැකකරු මෙල්ල කර භාරයට ගෙන වෛද්‍යවරයෙකු හමුවට පමුණුවා සිදු කල පරීක්ෂාවේදී ඔහුද මත්පැන් පානය කර සිටි බවට තහවුරු වූ බව පොලිසිය සදහන් කරයි.

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලූ අභියාචනා පෙත්සම් විභාගයට දින නියම වෙයි..

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලූ අභියාචනා පෙත්සම් විභාගයට දින නියම වෙයි..

ගායනශිල්පියාගේ පුත්‍රයා බීමත්ව රිය පැදවීම යටතේ එක් චෝදනාවකටද, ඔහු බේරා ගැනීමට පොලිසියේ යකා නැටූ සැකකරු සාපරාධි බලහත්කාරය, බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරීම සහ අනර්ථයක් සිදු කිරීම යන චෝදනා තුනක් යටතේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වනුයේ.

ReeCha