විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලූ අභියාචනා පෙත්සම් විභාගයට දින නියම වෙයි..

Jaffna Sri Lanka Supreme Court of Sri Lanka Crime Murder
By Piyumika Jul 31, 2024 02:03 AM GMT
Piyumika

Piyumika

Report

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටින විත්තිකරුවන් හය දෙනා එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙන ග්‍රහ යෝගයක්....

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙන ග්‍රහ යෝගයක්....

මෙම අභියාචනා පෙත්සම් ඊයේ දින (30) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම නඩුවට සම්බන්ධ එක් විත්තිකරුවකු මියගොස් සිටින බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දුන්නේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආරුමුගම් රගුපති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන කළ ලේඛන ලැබීමේ ප්‍රමාදය නිසා මෙම විත්තිකරුවන් වසර 08කට අධික කාලයක් නිකරුනේ බන්ධනාගාර ගතව සිටින බව සඳහන් කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධියේ සියලුම පරීක්ෂණ වාර්තා අධිකරණට කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග..

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධියේ සියලුම පරීක්ෂණ වාර්තා අධිකරණට කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග..

එම අවස්ථාවේදී සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ පරිවර්ථන කළ ලේඛන කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවය.

මෙම විත්තිකරුවන් මිනීමැරීම, ඊට කුමන්ත්‍රණය කිරීම හා නීතිවිරෝධී ජනරාශිය යනාදී චෝදනාවලට වරදකරු වී සිටින බව සඳහන් කළ සොලිසිටර් ජෙනරාල්වරිය විත්තිකරුවන් දෙදෙනෙකු යාපනය මහාධිකරණයේ පැවති නඩු විභාගයේදි නිදහස් කර තිබූ බවත් සඳහන් කළාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරයට අදාළ පරිවර්ථන ලේඛන කඩිනමින් අභියාචක විත්තිකරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස සොලිසිටර් ජෙනරාල්වරියට දැනුම් දුන්නාය.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම් විභාගය ජනවාරි මස 20 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේය.

ජනාධිපති ධූරය නිසා උණුසුම් තත්වයක්..(VIDEO/PHOTO)

ජනාධිපති ධූරය නිසා උණුසුම් තත්වයක්..(VIDEO/PHOTO)

කයිට්ස් පුන්කු­ඩු­තිව් මහා විද්‍යා­ලයේ ඉගෙ­නුම ලැබූ සිව­ලෝ­ග­නා­දන් විද්‍යා දැරිය 2015 මැයි මස දහ­තුන් වැනිදා සමූහ දූෂ­ණ­ය­කට ලක් කර මරා දැමුණු අතර ඒ සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් දොළොස් දෙනෙ­කුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් යාප­නය මහා­ධි­ක­ර­ණ­යේදී ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ නඩු විභා­ගය සිදු කිරී­මට අධි­චෝ­දනා ගොනු කරන ලදී.

එම නඩුව විභාග කිරී­මෙන් අන­තු­රුව 2017 සැප්තැ­ම්බර් මස 17 වැනිදා සිය නඩු තීන්දුව ප්‍රකා­ශ­යට පත් කළ, එම ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල විත්ති­ක­රු­වන් හත් දෙනෙකු ඔවුන්ට එල්ල වූ චෝද­නා­වන්ට වර­ද­ක­රු­වන් බවට තීන්දු කළේය. ඒ අනුව බූබාල සිංහම් ජෙය කුමාර්, බූබාල සිංහම් තව කුමාර්, මහා ලිංගම් ශෂි දරන්, තිලේ නාදන් චන්ද්‍ර­නා­සන්, ශිව­නේ­ෂන් දුෂා­න්තන්, ජෙය­නා­තන් කෝකි­ලන්,ස්විස් කුමාර් හෙවත් මහා ලිංගම් ශෂි කුමාර් යන විත්ති­ක­රු­වන්ට මරණ දඬු­වම නියම වූ අතර ඊට අම­ත­රව වසර තිහක බර­ප­තළ වැඩ සහිත සිර දඬු­වම් නියම කෙරිණි.

ReeCha