ඊශ්‍රායල අගමැතිට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු...

Benjamin Netanyahu Israel World
By Piyumika Nov 21, 2024 02:54 PM GMT
Piyumika

Piyumika

Report

 ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන් යාහු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (21) මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා..

පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේ දී සහ ඉන් පසුව යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හිටපු ආරක්ෂක අමාත්‍ය Yoav Gallant සහ ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමටයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත්තේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “යුධ ක්‍රමයක් ලෙස කුසගින්න” සහ “මිනීමැරුම්, හිංසා කිරීම් සහ වෙනත් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ඇතුළු යුද අපරාධ සඳහා නෙතන්යාහු සාපරාධී වගකීම දරන බව විශ්වාස කිරීමට “සාධාරණ හේතු” ඇති බවයි.

ඔහුවත් නොසිතන්න ඇති අවසන් හුස්ම මෙලෙස හෙලන්න සිදුවේවි කියා..

ඔහුවත් නොසිතන්න ඇති අවසන් හුස්ම මෙලෙස හෙලන්න සිදුවේවි කියා..

කෙසේවෙතත් ඊශ්‍රායල අගමැති කාර්‍යාලය වාර්තා කළේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් තම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නිකුත් කරන ලද වරෙන්තු හෙතෙම සැලකුවේ; “යුදෙව් විරෝධී සහ විකාර ස්වරූපී දෙයක්” ලෙස බවයි.

ReeCha