ලාල් කාන්ත අත්අඩංගුවට ගන්න - ගම්මන්පිල (Video)

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Sri Lanka Udaya Gammanpila
By Parami Dissanayake Aug 07, 2024 02:07 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (7) පාර්ලිමේන්තුවේදී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල පැවසුවේ, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු අපරාධ නීතිය යටතේ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

එමෙන් ම, ඔහු පවසා සිටියේ,

''අපි තමයි ජනතාවට පාර්ලිමේන්තුවට එන්න කිව්වේ. නමුත් අරගලයේ හිටපු සමහරු මගහැරිය නිසා ඒ දේ කරගන්න බැරි වුණා කියලා ලාල්කාන්ත කිව්වා. එදා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට ජවිපෙ අරගලකරුවන්ට හැකි වූවානම් අද ලංකාවේ ඇතිවෙන්නේත් බංගලාදේශයේ තත්වයමයි..අද බංගලාදේශය අරාජිකවී ලේ ගංගාවක් බවට පත්වෙලා. රටම මිනී කඳු ගොඩ ගැහිලා.එවැනි තත්වයක් ඇති කිරීමට සිටියා කියලා ලාල්කාන්ත ප්‍රකාශ කරනවා.

මොරටුව වෙරළට පිරිමි මළ සිරුරක්...

මොරටුව වෙරළට පිරිමි මළ සිරුරක්...

අනුර එක්ක ඩීල් එකක් නැත්නම් දැන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපරාධයක් කිරීම වගේම අපරාධයක් කිරීමට තැත් කිරීමත් වරදක්. ඔවුන් පාර්ලිමේන්තුව අත්පත් කරගෙන විනාශයක් කිරීමට සූදානම්වූ බව පවසනවා. අනිත් කට්ටිය වගේ නෙවෙයි ලාල් අවංක මනුස්සයා. ඇත්ත කියනවා. හිතේ තියෙන දේ කියනවා. මේ අවස්ථාවේදීත් ඇත්ත කියලා තියෙනවා. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට සැලසුම් කළා කියලා අැමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නීතිය ක්‍රීයාත්මක වුණා නම් ආණ්ඩුව දැන් ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතුයි...''

වසර මැද මූල්‍ය තත්ව වාර්තාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදී ඔහු මෙසේ පැවසුවේ ය.   


ReeCha