මොරටුව වෙරළට පිරිමි මළ සිරුරක්...
By Parami Dissanayake
අද (7) දිනයේ දී මොරටුව මුරවත්ත ප්‍රදේශයේ වෙරළ තීරයට නිරුවත් පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබී හමු වූ බව පොලිසිය පවසනවා.
මොරටුව මූලස්ථාන පොලිසිය පැවසුවේ රත්මලාන රජ මාවත පාර පදිංචිව සිටි එස් සෙල්ලව රාජ් නැමැති 63 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි.
ඊයේ (6) දහවල් රත්මලාන දුම්රිය ස්ථානය අසල මුහුදු තීරයේ දිය නාමින් සිටියදී මෙම තැනැත්තා දියවැලකට හසුව ගසාගෙන ගොස් ජිවිතක්ෂයට පත් ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඊයේ දිනයේ දී නාවික හමුදාව සහ පොලිස් කිමිදුම්කරුවන් විසින් අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුමක් දියත් කලද මියගිය පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වී ඇත.
මියගිය පුද්ගලයා ඥාතීන් විසින් හඳුනා ගෙන ඇති අතර, ඔහුගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.