අර්ජුන රණතුංග එකවරම දැඩි තීරණයකට යයි - කරන්න යන දේ මෙන්න.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ තම මුදලින් හෝ වියදම් කර අධිකරණය හමුවට ගොස් ක්‍රිකට් යළි නිවැරදි මාර්ගයට ගැනීමට තමන් උත්සාහ ගන්නා බවයි.
ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෙවැන්නකී,
"කොහොමද මේ තත්ත්වයට අපිට මුහුණදෙන්න සිද්ද වුණේ. කවුද මේක යට ඉන්නේ එව්වා තමයි අපි හොයන්න ඕනේ. රටක් පාවා දීලා තමන්ව ආරක්ෂා වෙන ක්‍රමවේදයක් ඇති කරනවා නම් ජනාධිපති දැඩි තීරණ ගන්න ඕනේ.
මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා හෙට.මම එතුමන්ගෙන් ඉල්ලනවා මේක තහනම් වෙන්න කවුද අඩිතාලම දැම්මේ.
රට ගිහින් දුන්නු ස්ටේට්මන්ට් මොනවා ද?. එහෙම කරලා අපේ රටේ ක්‍රිකට් එක විනාශ කරන්න හැදුවේ කවුද ? ඒ පුද්ගලයින්ට මොනවගේ ද දඬුවම් දෙන්නේ.
මම අද තීරණය කරගෙන ඉන්නේ ක්‍රිකට් අපි හදනවා. අපි යමු උසාවි. අතින් වියදම් කරගෙන යනවා උසාවි. කවදාහරි මේ රටේ මිනිස්සුන්ට තේරේවි අපි මේකට අතගහන්න හදන්නේ ඇයි කියන එක.
අපේ ක්‍රීඩකයෝ 80 දෙනෙක් ඉන්නේ පිටරට. මේ හොඳම ක්‍රීඩකයෝ ටික. ඇයි ඒ ගොල්ලෝ යන්නේ.මේ රටට ආදරේ නැතිකමට නෙවෙයි නේ.."
