අද කොළඹ වෙසක් බලන්න එන බන්ඩලාට මෙන්න විශේෂ තොරතුරු ටිකක්

Vesak Full Moon Poya Google Colombo Latest Headlines Sinhala news
By Akash May 12, 2025 06:58 AM GMT
Akash

Akash

Report

කොළඹ බෞද්ධාලෝක මාවත, කොළඹ ගංගාරාම, කොළඹ මහ නගර සභාව, බේබෲක් හි, ලේක්හවුස්, ජනාධිපති කාර්යාල අසල, අගමැති කාර්යාලය අසල වෙසක් කලාප රැසක් අද සිට ක්‍රියාත්මක වේ.

කොළඹ නගරයේ වෙසක් බැලීමට පැමිණීමේදී ගමන්මලු රැගෙන ඒමෙන් වළකින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ තෙල් කැපෙන හැටි....

පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ තෙල් කැපෙන හැටි....

එසේම නළා නාද කිරීමෙන් සහ ඔලුබක්කන් නැටීමෙන් වළකින ලෙසත්, එවැනි විකාර ක්‍රියා සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට නියෝග කර ඇති බවත් ඒ මහතා කීය.

නගරය තුළ ඇතිවන මාර්ග තදබදය අවම කිරීමට රථවාහන විමර්ශන නිලධාරීන් සුදානමින් සිටින බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. මේ අතර, කොළඹ නගරයේ සහ ඒ ආසන්න නගරවල වෙසක් තොරණ 25ක් අද සිට පුරා සතියක් ප්‍රදර්ශනය කෙරේ.

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස්හන්දිය, ඔරුගොඩවත්ත, තොටළඟ යන ප්‍රදේශවල තොරණ 3ක් ද දෙමටගොඩ එක් තෙරණක් ද බොරැල්ල තොරණ කැම්බල් පිටියේ ද කැලණිය පොලිස් වසමේ කැලණි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් තොරණ 3ක් ද පිටකොටුව බෝධිය අසල තොරණක් ද පෑලියගොඩ පොලිස් වසමේ නවලෝක තොරණ හා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොරණ ද වැලිකඩ නගරයේ තොරණක් ද මහරගම නගරයේ තොරණක් ද කොට්ටාව නගරයේ තොරණක් ද හෝමාගම නගරයේ තොරණක් ද දෙහිවල වෛද්‍ය පාරේ තොරණක් ද බෙල්ලන්විල විහාර මාවතේ තොරණක් ද පිළියන්දල නගරයේ තොරණක් ද කිරිබත්ගොඩ නගරයේ තොරණක් ද මොරටුව නගරයේ තොරණ 3ක් ද අතුරුගිරිය නගරයේ තොරණක් ද මාලබේ නගරයේ තොරණක් ද මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරේ.



Gallery
ReeCha