කොල්ලෙක්ද? fb ලව්ද? මේවගේ සුපිරියට කන්න ආසයි ද?

Report

මුහුණු පොත‘ හරහා පිරිමි පුද්ගලයන් හඳුනා ගෙන ‘වට්ස්ඇප්’ සහ ‘මැසෙන්ජර්’ හරහා කතා බස් කරමින් ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් ගොඩනඟා ගෙන, එම පිරිමි පුද්ගලයන් මිහින්තලය ප්‍රදේශයට කැඳවා, කැලෑ ප්‍රදේශවලට රැගෙන ගොස් ගස් බැඳ, පහරදී ඔවුන්ගේ යතුරුපැදි, මුදල් ඇතුළු දේපළ කොල්ලකෑ සංවිධානාත්මක අපරාධ කල්ලියක කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු කොල්ල කන ලද යතුරුපැදි 2ක්, ජංගම දුරකථන 4ක් ඇතුළු දේපළ සමග අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

පළාත් පාලන ආයතන පිහිටුවීමේ පොහොට්ටුවේ තාම තීරණයක් නෑ

පළාත් පාලන ආයතන පිහිටුවීමේ පොහොට්ටුවේ තාම තීරණයක් නෑ

ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ දහයකට අධිකය. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක සහ අනුරාධපුර අශෝකපුර විජයපුර සහ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 21, 27 සහ 32 හැවිරිදි පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.

පෙම්වතිය තමන්ට මිහින්තලය නගරයට පැමිණෙන ලෙස පවසා දුරකථන ඇමතුමක් ලබාදී එලෙස පැමිණි පසු, පිරිමි පුද්ගලයන් සමග එක්ව තමන්ට පහරදී ගස් බැඳ යතුරුපැදිය සහ මුදල්, ජංගම දුරකථන, බැංකු කාඩ් පත් කොල්ලකෑ බවට මිනුවන්ගොඩ සහ අවුකන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

මෙම සිද්ධිවලට මුහුණ පා ඇත්තේ උසස් රැකියාවල නියුතු වයස අවුරුදු පනහට වැඩි පුද්ගලයන් බව ද පොලිසිය සඳහන් කළේය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන