ඒ.ආර්. රහ්මාන් හදිසියේම රෝහල්ගත කරයි!
By R.rishma
ඉන්දියාවේ ප්‍රසිද්ධ සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
පපුවේ වේදනාවක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව, ඔහුව ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ.
මේ වන විට රහ්මාන් වෛද්‍ය කණ්ඩායමක දැඩි නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.