කුවේට්හි නව ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීමට කාරක සභාවේ අනුමැතිය...
By Parami Dissanayake
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ් අනුව, කුවේට් රාජ්‍යයේ නව ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස ඒල්.පී. රත්නායක මහතා පත් කිරීමට තීරණය කර ඇත.
පසුගිය 18 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් මෙම අනුමැතිය ලබා දී ඇත.
මේ සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, උදය ගම්මන්පිල යන මහත්ම මහත්මීන් සහභාගී වී තිබෙනවා.