ඉඩම් ඔප්පු, පත්ඉරු ගන්න රස්තියාදු වුණු කාලය ඉවරයි- ලංකාවේ සියලුම ඉඩම් ජාලගත කරන්න අමාත්‍යංශයෙන් ගත්තු දැවැන්ත පියවර මෙන්න
ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් තොරතුරු ජාලගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී පවත්වා තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී රටේ ඉඩම් දත්ත ඩිජිටල් පද්ධතියක් යටතට ගෙන ඒම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙතෙක් ක්‍රියාත්මක වූ ඉඩම් ඔප්පු ලබාගැනීම, පත්ඉරු නිකුත් කිරීම සහ රජයේ ඉඩම් ආයෝජකයින්ට හඳුන්වාදීම වැනි ක්‍රියාවලීන් කාර්යක්ෂම කිරීම සඳහා මෙම ජාලගත කිරීමේ වැඩසටහන වැදගත් පියවරක් වන බව මෙහිදී සඳහන් විය.
මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය කඩාගෙන වැටෙනවා - බුදුදහමට තියෙන ආදරේ නිසා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කියපු කම්පා කරවන කතාව
දැනට පවතින රජයේ දත්ත පද්ධති සමඟ නව ඉඩම් ජාලගත කිරීමේ පද්ධතිය ඒකාබද්ධ කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක්විය. රජයට අයත් ඉඩම් හැකි ඉක්මනින් ආයෝජන අවස්ථා සඳහා යොමු කර ජනතාවට ප්රතිලාභ ලබාදීම සඳහා කටයුතු කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ඉඩම් සිතියම්ගත කිරීමේ දත්තද නව පද්ධතියට ඇතුළත් කිරීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
මෙම වසර තුළ ව්‍යාපෘතිය අවසන් කර එහි ප්රතිලාභ ජනතාව වෙත ලබාදීමට හැකි වන පරිදි කටයුතු කරන ලෙස අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අතිරේක ලේකම්වරුන් කිහිපදෙනෙකු සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.