සමන්දේවාලේ බස්නායක නිළමේ පත්විම තවත් කල්යයි

Sabaragamuwa Province Sinhala news
By Akash May 27, 2025 05:24 AM GMT
Akash

Akash

Report

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබු නිලවරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ජූනි 20 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (26) නියෝග කළා.

එම නිලවරණය පැවැත්වීම වලක්වන නියෝගයක් නිකුත් කරනවාද? නැද්ද? යන්න පිලිබඳ නියෝගය එදින ප්‍රකාශ කරන බවද අභියාචනාධිකරණයය වැඩිදුරටත් දැනුම් දුන්නා. සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීමට එරෙහිව දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත් කර සිටි එස්.වී. චන්ද්‍රසිංහ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමක් සළකා බලීමෙන් අනතුරුව එලෙස නියම කෙරුණා.

මෙරට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්තමක කිරීමට කැනඩාවේ විශේෂ මැදිහත් වීමක්

මෙරට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්තමක කිරීමට කැනඩාවේ විශේෂ මැදිහත් වීමක්

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු කේ.එම්.එස්. දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැදවුවා.

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා නිලවරණය පැවැත්වීමට එරෙහිව දේවාලයේ තාවකාලික භාරකරු එස්.වී. චන්ද්‍රසිංහ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පී. රත්නායක, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි, අමාත්‍යාංශ ලේකම් ඒ.එම්. පී.එම්.බී. අතපත්තු ,හිටපු බස්නායක නිලමේ ජේ.එම්. මිගාර ජයසුන්දර, ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස තමන් පත්කිරීමට එරෙහිව පිරිසක් විසින් ගොනු කර තිබු රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් තමන් වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු, පෙත්සම් විභාගයේදී තමන් දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල බවට තීන්දුවක් ලැබුණහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණයේදී තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වන බවත් එසේ වුවහොත් ඉන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සම්කරු සඳහන් කරනවා.


අනුරපුරේ වෛද්‍යවරිය ගැන මාධ්‍ය වාර්තා හරිම කැතයි..- GMOA කණස්සල

අනුරපුරේ වෛද්‍යවරිය ගැන මාධ්‍ය වාර්තා හරිම කැතයි..- GMOA කණස්සල

සබරගමුව මහ සමන් දේවාලයේ භාරකරු වශයෙන් කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසු එම තනතුරු අහෝසි කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බවත් එය නීතියට පටහැනි බවත් පෙත්සම්කරු සඳහන් කර සිටිනවා.

ඉදිරිපත් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුණා. මේ අතර සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්.වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමද ජූනි 20 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළා.

සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර සහ බස්නායක නිලමේවරුන්ගේ සංසදයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සහ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර එම පෙත්සම ගොනු කර තිබෙනවා.

ReeCha