පහ වසරෙ සිසුන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

By Zara Mar 19, 2025 01:37 PM GMT
Report

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් 2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල  නිකුත් කර තිබෙනවා.

එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී ඇති බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

තීන්දුව දෙනතුරු පොලිස්පති කූඩුවේ!..(LIVE VIDEO UPDATE 2)

තීන්දුව දෙනතුරු පොලිස්පති කූඩුවේ!..(LIVE VIDEO UPDATE 2)

පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය ලබා දී ඇති අතර, එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන දෙමාපියන් විසින් නිසි පරිදි සම්පූර්ණ කළ යුතු වෙනවා.   

පියුමි හංසමාලි ගහපු ගේම... CID හෙළි කරයි...

පියුමි හංසමාලි ගහපු ගේම... CID හෙළි කරයි...

සම්පූර්ණ  කරන ලද අයදුම්පත්‍ර විදුහල්පති වෙත නැවත භාර දිය යුතු  වන අතර, විදුහල්පති විසින් 2025.03.25 දිනට ප්‍රථම මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමට කටයුතු කල යුතු බවට නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත සුදුසුකම් ලද සිසුන්ගේ දෙමාපියන් වෙත සහ අදාළ විදුහල්පතිවරුන්ට අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.