සාමාන්‍ය පෙළ අසමත් සියලුම සිසුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිල නිවේදනයක්

Report

2026 2027 අධ්‍යයන වර්ෂයේ අපොස උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙම සුවිශේෂී වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කිසිසේත්ම සලකනු නොලබන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරයි.

රටම කැළඹූ භෞත චිකිත්සකවරියගේ ඝාතකයා අල්ලන්න දියණියගෙන්ම උදව් - අනියම් බිරිඳ බාල සහෝදරියගේ වේසෙන් කෙල්ලෝ ජෝඩු කරලා - කරපු සියල්ල වමාරයි

රටම කැළඹූ භෞත චිකිත්සකවරියගේ ඝාතකයා අල්ලන්න දියණියගෙන්ම උදව් - අනියම් බිරිඳ බාල සහෝදරියගේ වේසෙන් කෙල්ලෝ ජෝඩු කරලා - කරපු සියල්ල වමාරයි

උසස් පෙළ සඳහා ඇතුළත් වන සිසුන්ට 12 සහ 13 ශ්‍රේණිවල පාසල් අධ්‍යාපනය ලබන අතරතුරදීම දේශීය හා විදේශීය වශයෙන් ඉහළ පිළිගැනීමකින් යුතු වෘත්තීය සුදුසුකම් වන NVQ 4 මට්ටමේ සහතිකයක් ලබා ගැනීමට හැකි වේ.

2025 වසරේ හෝ පසුගිය වසර 3 ක් ඇතුළත අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවෙක් හ‍ට වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන දිවයිනේ ඕනෑම පාසලක 12 ශ්‍රේණිය සඳහා අයදුම් කළ හැකිය.

12 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ට මෘදු කුසලතා සංවර්ධනය හා වෘත්තීය ක්ෂේත්‍ර හඳුන්වාදීම අරමුණු කරගත් සුවිශේෂී මොඩියුල අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙන අතර 13 ශ්‍රේණියේ දී එම සිසුන්ට වඩාත් සුදුසු වෘත්තීය NVQ 4 මට්ටමේ ප්‍රායෝගික පුහුණුවක් සඳහා රජයේ වෘත්තීය පුහුණු ආයතනයකට අදාළ පාසල විසින්ම සෘජුවම සම්බන්ධ කරනු ලබයි.

මෙහි දී සිසුන්ට වෘත්තීය පුහුණු ආයතනයක මෙන්ම සැබෑ රැකියා ස්ථානයක ප්‍රායෝගික පුහුණුව ද ඉතාමත් සාර්ථකව ලබා ගත හැකි බවයි අමාත්‍යංශය පවසයි.

පැය පහකට පස්සේ රෝහිත රාජපක්ෂ CCIB එකෙන් පිටව යයි

පැය පහකට පස්සේ රෝහිත රාජපක්ෂ CCIB එකෙන් පිටව යයි

මෙමඟින් සංචාරක හා ආගන්තුක සත්කාරය මෝටර් රථ හා රථ වාහන තාක්ෂණ ශිල්පය තොරතුරු තාක්ෂණය සෞඛ්‍ය හා සත්කාර සේවා මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය රූපලාවන්‍ය ප්‍රායෝගික කලා ඇතුළු ශිල්ප ආහාර නිෂ්පාදනය ඇඟලුම් විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ලෝහ පිරිසැකසුම්කරණය පැස්සුම් ශිල්පය යන්ත්‍ර ක්‍රියාකරවීම ඉදිකිරීම් කර්මාන්තය ගෘහ අලංකරණය උද්‍යාන අලංකරණය කෘෂි හා වැවිලි කර්මාන්තය ජලජ සම්පත් තාක්ෂණ ශිල්පය ක්‍රීඩා ජීවිතාරක්ෂක හා කිමිදුම් ශිල්පය මෙන්ම වෙළෙඳ හා සැපයුම් යනාදී ප්‍රධාන වෘත්තීය ක්ෂේත්‍ර රැසක වටිනා පුහුණු අවස්ථා සිසුන්ට හිමි වන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.


Gallery