එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධියේ සියලුම පරීක්ෂණ වාර්තා අධිකරණට කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග..

Report

කොළඹ වරාය ආශ්‍රිත මුහුදු තිරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශවීමේ සිද්ධිය හේතුවෙන් සමුද්‍රයට සිදුවූ හානිය මෙන්ම වෙරළ තීරයට හා පරිසර පද්ධතියට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර තිබෙන සියලුම පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කර තිබේ .

ජනාධිපති ධූරය නිසා උණුසුම් තත්වයක්..(VIDEO/PHOTO)

ජනාධිපති ධූරය නිසා උණුසුම් තත්වයක්..(VIDEO/PHOTO)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේදී පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ය.